73 වන ශ්‍රී ලාංකීය නිදහස් උළෙල සිඩ්නි නුවරදී සමරන වගයි…

Share
Share on facebook
Share on twitter
Share on whatsapp

1948 වසරේ පෙබරවාරි 4 වන දින ශ්‍රී ලංකාවට අති විශේෂ දිනයක් විය. එදින පෙ.ව. 7.30ට එලඹුනු මංගල නැකත ශ්‍රී ලංකා ඉතිහාසයේ නව මං පෙතකට අඩි තාලම දැමූ සුභ මොහොත බැවිනි. මල් වෙඩි, රතිඤ්ඤා හඬට මුසුව පුණ්‍ය භූමීන්හි ඝාන්ටා නාදයන් ගම් දනව් සිසාරා රැව් පිළි රැව් දීය. මුලු රටම උත්සව ශ්‍රීයෙන් ඔප නැංවී තිබින.

පුරා වසර එකසිය තිස් තුනක් බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවති ශ්‍රී ලංකාව, ඩොමීනියන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමත් සමග නිදහස් භූමියක් ලෙසට ප්‍රකාශයට පත් වීය. එදිනම නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම ආණ්ඩුකාරවරයා වශයෙන් ගරු හෙන්රි මොන්ක් මේසන් මුවර් තුමා, බ්‍රිතාන්‍ය පොදුරාජ්‍ය මණ්ඩලීය සම්බන්ධතා කාර්යාලයේ රාජ්‍ය ලේකම් පැට්‍රික් ගෝර්ඩන් වෝකර් ඉදිරියේ දිවුරුම් දුන්නේය. නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වශයෙන් මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා පත් කෙරුනි. පරණ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ශ්‍රී ලංකා ජාතික ධජය බ්‍රිතාන්‍ය ධජය අසලින්ම ඔසවන ලදි. අග්‍රාමාත්‍යවරයා සහ ආණ්ඩුකාරවරයා ජාතිය ඇමතූ අතර මෙම විශේෂ අවස්ථාව සනිටුහන් කිරීම වස් අගමැතිවරයා කොළඹ පොල්වත්ත පූජා භූමියේ අඹ පැළයක් රෝපණය කළේය. මෙම විශේෂ අවස්ථාවට සහභාගී වූ දෙස් විදෙස් ප්‍රභූවරුන්ගෙන් කොලඹ රජ වාසල පිරී ගොස් තිබින. රට පුරාම ජාතික ධජය එසවීමේ උත්සව පැවත්වින.

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයෙන් මුදවා ගැනීමට මහාමාන්‍ය ඩී.එස්. සේනානායක, ගරු පොන්නම්බලම් රාමනාදන්, ඇතුළු විශාල පිරිසක් දිවා රෑ නොබලා කටයුතු කළහ. මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා අදටත් ‘ජාතියේ පියා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබයි.

ජාතියක් හෝ ස්වෛරී නොවන රටක් විසින් ජාතික තත්වය හිමි කර ගැනීම සැමරීම සඳහා විශේෂිත ලෙසින් නම් කෙරුණු දිනය ‘ජාතික දිනය’ ලෙසින් හඳුන්වයි. ශ්‍රී ලංකාවේ නිදහස් දිනය ලෙස 1948 දී ලැබූ රටේ අභ්‍යන්තර දේශපාලන ස්වාධීනත්වය සැමරීමට, ලිපාස් ජොෂුවා ලුවී නීතියට අනුකූලව අවකාශ සැලසෙන අතර, එය සෑම වසරකම පෙබරවාරි 4 වන දින උත්කර්ශවත් අයුරින් සමරනු ලබයි.

අභිමානවත් 73 වන ශ්‍රී ලංකා නිදහස් දින සැමරුම සිඩ්නි නුවර ප්‍රජා සංවිධාන කිහිපයක සහ Event 360 ආයතනයේ අනුග්‍රහයෙන් සැමරීමට කටයුතු සම්පාදනය කොට ඇත. පෙබරවාරි 6 වන සෙනසුරාදා උදේ 9 සිට දහවල් 12 දක්වා North Rocks හි ඩොන් මුවර් ප්‍රජා ශාලාවේ පැවැත්වෙන මෙම උත්සවය කෝවිඩ් නීති රීති වළට අනුකූලව පැවැත්වෙන බැවින් ඒ සඳහා සහභාගී විය හැකි සංඛ්‍යාව සීමිතය. එබැවින් මෙම සැමරුම zoom මාධ්‍යයෙන් ප්‍රචාරණය කිරීමට කටයුතු යොදා ඇත. වැඩි විස්තර SCF වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය. www.thescf.org.au            

Share
Share on facebook
Share on twitter
Share on whatsapp

Leave a Reply

Your email address will not be published.